Hathara Kendare | හතර කේන්දරේ (6/8)





හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි දැනුනේ නෑ මට නම් පාලු
ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාලු
මේ දුරු ගමනේ මගෙ දෑතේ වේලිලා භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයෙමි පැරදිලා මා නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා රැකගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහ දොස් මකා මා ප්‍රේමයෙන් දොවා නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි දැනුනේ නෑ මට නම් පාලු
ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාලු
පෙම් කෙත් පුරනා සදනා ලෝකයක් දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා නුඹගේ තුරුලේ හිඳිමි මා




Shihan Mihiranga - Hathara Kendare Chords

Post a Comment

0 Comments

Close Menu