Dekopul Kandulin Thema | දෙකොපුල් කඳුලින් තෙමා (4/4)


දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රැ තුන්යමේ
සුහදිනියේ


මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී මගේ පපුතුරේ නුඹ  හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ

සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබේ සිහිනවල මා හිදී මගේ සිහිනවල ඔබ හිදී..
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ




Post a Comment

0 Comments

Close Menu